ඇයි හැමකෙනාම ගමේ පොත ගන්නේ?

භාවිතයේ පහසුව

දත්ත දැමීමේ වේගය

කාර්යක්‍ෂමතාව

ආරක්ෂාව

නම්‍යශීලිබව

සුහදශීලී සේවය

ඔබට ඔබේ වසමේ ඉන්න විශ්‍රාමික පිරිස, මියගිය පිරිස, සහ 18ට අඩු පිරිස පැයක් ඇතුලත ගන්න ඕන වුනොත් ඔබ මොකද කරන්නේ? පාරම්පරික විදියට නම් ඔබට කරන්න තියෙන්නේ ගමේ හැමෝම එකතුකරගෙන කොළ මිටි පෙරල පෙරල විස්තර ලියන එක. එත් ඔබ ගමේ පොත පාවිච්චි කරනවා නම් ඔබට මේක කරන්න යන්නේ මිනිත්තුවකට අඩු කාලයක් ...

නවතම සංස්කරණය

2012 මැද භාගයේ ආරම්භ කර 2013 වසරේ එළි දැක්වූ පළමුවෙනි සංස්කරණයෙන් පසුව අප ඉගෙනගත් දෑ බොහෝය. එම අත්දැකීම් සියල්ල සමඟින් ඉදිරිපත් කරන අපේ දෙවන සංස්කරණය දැන් ඔබට නොමිළේ ලබාගැනීමට අප ඉඩ සලසා ඇත. මෙතැනින් ඩවුන්ලෝඩ් කරන්න.

අපේ දැක්ම!

තාක්ෂණය මෙතරම් දියුණු වී ඇති කලකදීත් තමන්ගේම කියා පරිගණක මෘදුකාංගයක් වෙනුවෙන් සිහින දකින අපේ දයාබර ග්‍රාම නිලධාරී මහත්ම, මහත්මීන්ට ලොව ඇති අංක එකේ තාක්ෂණය සමඟින් ශ්‍රී ලංකාවේ සාර්ථකම ග්‍රාම නිලධාරී මෘදුකාංගය එළි දැක්වීම අපේ සිහිනයයි...

සාර්ථක වූවන්ගෙන් බිඳක්!

ග්‍රාම නිලධාරී නවෝද අබේරත්න මහතා.

ගමේ පොත මගේ දවස පහසුකරනවා

මම ගමේ පොත එක්ක එකතුවුන පළමුවෙනියා. මම එදා ඉදන් අද දක්වාම මගේ අමාරු වැඩ කරන්නේ ගමේ පොත හරහා. ඇත්තම කියනවනම් ගමේ පොත මගේ විඩාබර දවස සැහැල්ලු කලා.

ග්‍රාම නිලධාරී තුෂාර සම්පත් මහතා.

ගමේ පොත මට හුඟක් වටිනවා

ගමේ පොතේ සාමාජිකයෙක් වීම මම ලබපු වටිනාම අවස්ථාවක්. කොම්පියුටර් පවිච්චිකලාට අපිට අපේ කියල වැඩක් ගන්න මම ඉගෙන ගත්තේ ගමේ පොතෙන්. මේක මට හුඟක් වටිනවා.

ග්‍රාම නිලධාරිනී ගයත්‍රී ප්‍රියදර්ශනී මහත්මිය.

ගමේ පොතට සුබ පතනවා

මම ගමේ පොතේ අලුත්ම සංස්කරණය එනකම් මග බලන් හිටියේ. පළමු සංස්කරණයේ තිබුණු හුඟක් අඩු පාඩු දෙවෙනි එකේ වෙනස්කරලා. මම ගමේ පොතට සුබ පතනවා!

තාක්ෂනය ගැන!

ගමේ පොත - සංස්කරණය 2.0

ගමේ පොත Install කිරීම හරිම පහසුයි. ඕනෑම වින්ඩෝස් පරිගණකයක මේක ධාවනය වෙනවා. ඔබට ඊළඟට කරන්න තියෙන්නේ දත්ත ඇතුළු කිරීම. මේ ක්‍රියාවලියත් හරිම පහසුයි. සේරම දත්ත දැම්මාට පස්සේ දත්ත අරක්ෂකිරීමේ බොත්තම ඔබන්න අමතක කරන්නෙපා. ඒ වගේම ඒ වෙලාවේදී ඉන්ටනෙට් සම්බන්ධ කරලා තියන්නත් අමතක කරන්නෙපා.