ගමේ පොතේ නීති-රීති

විශේෂ දැනුම්දීම

මෙම මෘදුකාංගය(ගමේ පොත) භාවිතා කලයුත්තේ වෘත්තීය වශයෙන් ග්‍රාම නිලධාරිවරයෙක් හෝ නිලධාරිවරියක් පමණක් වන අතර, අන් ඕනෑම පුද්ගලයෙකු විසින් මෙය භාවිතා කරයි නම් අපි විසින් ඔහුගේ හෝ ඇයගේ මෘදුකාංගය අක්‍රීය කර දැමීමට වග බල සිටිමු. මෙය කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා ආණ්ඩුවට අයත් මෘදුකාංගයක් නොවන අතර මෙහි සම්පුර්ණ අයිතිය නිර්මාණකරු (ප්‍රියංකර දිලන්ත අබේවික්‍රම) සතුයි. එසේම ගමේ පොත මෘදුකාංගය සහ ගමේ පොත වෙබ් අඩවිය (www.gamepotha.com) යනු දෙකක් නොව එකක් බවත් මේ සියල්ලේ අයිතිය නිර්මාණකරු සතු බවත් පැහැදිළිව දන්වා සිටිමු. ඔබ ගමේ පොත මෘදුකාංගය භාවිතා කරන්නෙක් නම් මෙම පිටුවේ දැක්වෙන සියලුම නීති රීති වලට ඔබ අවනත විය යුතු වේ. (මෙම පිටුවේ අඩංගු කරුණු ඕනෑම විටක වෙනස් විය හැක.)


භාවිතය පිළිබඳව

එක් ග්‍රාම නිලධාරියෙකු සතුව තිබිය හැක්කේ එක ගමේ පොත ගිණුමක් පමණි. ඔහුගේ ලියාපදිංචි අංකය වනුයේ ඔහුගේ ජංගම දුරකථනයේ අංකයයි. ඔහුට ලැබෙන වට්ටම් සහ ඔහුගේ මුදල් ගෙවීම් සිදුවන්නේ මෙම ගිණුම හරහාය. මේ නිසා ඔබ ලියාපදිංචියේදී යොදන සියලුම තොරතුරු නිවැරදි වන බවට වග බලාගත යුතුය. වංචනික ගිණුම් අප විසින් වහා ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර දමනු ඇත. තවද මෙය හුදෙක් පරිගණක මෘදුකාංගයක් පමණක් වන අතර ඔබේ පරිගණකයට වන බාහිර (ගිනි ගැනීම්, ගං වතුර, මලකෑම, වෙනත්) හෝ වෙනත් අභ්‍යන්තර (වෛරස්, ෆයිල් මකා දැමීම්, වෙනත්) කිසිදු හානියකට අප විසින් කිසිදු වග කීමක් නොදරනු ඇත. මෙය බොහෝ පිරිසක් අත් හදා බලා අවසානයේ ප්‍රසිද්ධ කරන ලද නිර්මාණයක් බැවින් මෙයින් ඔබේ පරිගණකයට කිසිදු හානියක් නොවන බවට අප විසින් ප්‍රකාශයක් පමණක් දිය හැක. තවද ඔබ දත්ත ගබඩාව ආරක්ෂා කිරීමේදී ඔබේ අන්තර්ජාල සම්බන්ධතාව සමඟ යම් කිසි ගැටළුවක් ඇති වුනි නම් එයටද අපි විසින් කිසිදු වගකීමක් භාර ගනු නොලැබේ. තවද එහිදී දත්ත ගබඩාවට ඇති වන කිසිදු හානියකට අප විසින් වගකීමක් ගනු නොලැබේ.


මුදල් ගෙවීම පිළිබඳව

ඔබ විසින් ගමේ පොත මෘදුකාංගය මිලදී ගැනීමට යම් මුදලක් වැය කරයි නම් එය කිසිදු ආකාරයකින් ආපසු ඔබට ලබාදිය නොහැකි බැවින් කිසිදු මුදල් ගෙවීමක් චකිතයකින් යුතුව නොගෙවන්න. අප විසින් මෙම වටිනා මෘදුකාංගය නිර්මාණයට හා නඩත්තුවට ඉතා විශාල මුදලක් වැය කරන බැවින් ඔබ විසින් පිරිනමන ඕනෑම මුදලක් ඔබේම අනාගතය පහසු කර ගැනීමට ඔබ විසින් කරනා ආයෝජනයක් ලෙසට සලකන්න.


වට්ටම් ලබා දීම පිළිබඳව

ඔබට ලබාදෙන ඉහලම වට්ටම 100% වන අතර ඉන් පසුව ඔබට ගමේ පොත ජීවිත කාලය පුරාවටම නොමිලේ භාවිත කල හැක. කෙසේ හෝ ඔබ විසින් ගමේ පොතට සම්බන්ධ කරන යම් සාමාජිකයෙක් දින 60කට වැඩි කාලයක් ගමේ පොත භාවිත නොකර සිටී නම්, ඔබට ලැබෙන වට්ටම නැවත අඩු වියහැක. අවම වට්ටම වනුයේ 0% කි. මේ ක්‍රියාවලිය සිදුකරන්නේ අපට හැකි පමණ ඔබට උදවු ලබාදීමේ අදිටනිනි.


දත්ත සුරැකීම සහ එහි පෞද්ගලිකත්වය

ඔබ ඇතුළු කරන දත්ත අන්තර්ජාලය හරහා ආරක්ෂා වීමේදී එම දත්ත කිසිවෙකුට කියවිය නොහැකි වන ලෙස වෙනත් භාෂාවකට හරවා ඔබටම අවේනික යතුරු දමා නැවතත් වෙනත් රහසිගත ක්‍රමයකට කුඩා කැබලි වලට කඩා ලෝකයේ ආරක්ෂිතම සුපිරි පරිගණක තුල ගබඩා වනු ඇත. ඔබට ඔබේ දත්ත නැවත ස්ථාපනය කිරීමට අවශ්‍යය වූ විට ඒවා යලි ලබාගත හැක්කේ ඔබට පමණි. මන්දයත්, එහි රහස් අංකය සතු වන්නේ ඔබ ළඟ නිසාය. මේ සම්බන්ධ තාක්ෂණය (දැනට භාවිතා වන නුතන ක්‍රම වලට වඩා මෙය සහමුලින්ම වෙනස් වේ) නිර්මාණකරු සතු බුද්ධිමය දේපලක් වන අතර එම තාක්ෂණය හා සම්බන්ධ දත්ත, පරිගණක කේත සහ වෙනත් සියල්ල නිර්මාණකරු සතු පුද්ගලික දේපලකි. මෙම තාක්ෂණය සහිත ගමේ පොත මෘදුකාංගය ඔබේ වෙහෙසකාරී රාජකාරිය සැහැල්ලු කර ගැනීමට යොදා ගැනීම, හුදෙක් ඔබ විසින් ගත් පෞද්ගලික තීරණයක් වන අතර ඒ සම්බන්ධ රාජකාරිමය හෝ බාහිර කිසිදු වගකීමක් (ගමේ පොතේ තාක්ෂණය හෝ පරිගණකය තුල ක්‍රියාකාරිත්වයට අදාල නොවන වගකීම්.) නිර්මාණකරු විසින් භාර නොගන්නා බව තරයේ දන්වා සිටිමු.